ඔන්න අද මම post එකෙන් ඔයාලට දෙන්න හදන්නේ සිංහල Font සහ ඉංග්‍රීසි Font ගොඩාක්.සිංහල Font නම් 600 විතර මෙතන තියනවා.ඉංග්‍රීසි Font 100 වඩා තියනවා.කොහොම උනත් ඉංග්‍රීසි Fonts නම් හොයාගන්න එච්චර අමාරු නෑනෙ.ඒත් අපිට ඕන සිංහල font හොයගෙන්න ටිකක් අමාරුයි.විශේශයෙන් එක තැනකින් මෙච්චර Font අරගන්න පුලුවන් Chance එකත් අඩුනෙ.ඔන්න මෙතන ඔක්කොම Font 700 වගේ ඇති.ඔක්කොම මෙගාබයිට් හැට පහක් විතර තිබුනා.බයවෙන්න එපා මම ඒක පුලුවන්තරම් Zip කරලා 20MB වලට අඩු කරා.7zip කරලා ඇත්තේ .exe විදියට.ඒක නිසා ඕනම කෙනෙකුට මේක unzip කරගන්න පුලුවන් Software නැතුවම.ඔන්න එහෙනම් පහල ලින්ක් එකට ගිහින් Download කරගන්න.
Showing posts with label Downloads. Show all posts
Showing posts with label Downloads. Show all posts
Monday, February 6, 2012
Monday, January 30, 2012
ඔන්න ගෙනාවා IDM 6.08 Final එක.ඇතිවෙනකම් බාන්න.IDM කිව්වම අද නම් නොදන්න කෙනෙක් නැති තරම්.හැමෝම වගේ Download කරන්න දැන් පාවිච්චි කරන්නේ internet downloading manager (IDM) එන තමයි.ඔන්න ඉතින් මේකට නම් ඉතින් ලයිෂන් එකක් ඕන.ගානක් ගෙවලා තමයි මේක ගන්න වෙන්නේ.හැබැයි බයවෙන්න එපා.මම මේ දෙන එක Download කරලා කියන දේ කරන්න.එතකොට ඔයාලට ජීවිත කාලෙටම මේක free භාවිතා කරන්න පුලුවන්.ඉස්සෙල්ලම Download කරගන්නකෝ.වැඩිය නෑ. 6 Mඊ වගේ.
හරි.ඔයාලා මේක Open කරාම මෙන්න මේ වගේ Window එකක් ඒවී.මේකෙ Install කියන එක ඉස්සෙල්ලා click කරලා මේ IDM එක install කරගන්න.
දැන් ඔයාලා IDM එක install කරලා ඉවරයි.දැන් ඔයාලා ඉන්නේ IDM trial version එකේ.ඒ කියන්නේ දින 30 විතරයි ඔයාලට වැඩ කරන්න පුලුවන්. දැන් ඔයාලා මේක patch කරලා හැමදාටම භාවිතා කරන්න හදාගන්න ඕන.ඒකට ඔයාලා ඉස්සෙල්ලම IDM එක කොහේ හරි run වෙනවනම් ඒක close කරන්න.ඊට පස්සේ මම දීපු download එක open කරලා ඒකේ patch කියන එක ක්ලික් කරන්න.දැන් හරි ඔයාලට සදහටම IDM භාවිතා කරන්න පුලුවන්.
ඔන්න මම ඔයාලට IDM එකත් නොමිලෙම දුන්නා.වැඩේ හොඳ නම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..............
Posted on 8:13 PM by Pasindu
Sunday, January 29, 2012
සියලු දෙනාටම ආයුබෝවන්.ඔන්න මම අදත් post එකක් දාන්න හිතුවා.ඔන්නා ගොඩක් අය දන්නෙ නැති දෙයක් ගැන තමයි අද මේ post එකෙන් මම කියන්නේ.ඒ තමයි පිටු පෙරලෙන E -book එකක් හදා ගන්න හැටි.ගොඩක් අය internet එකෙන් එක එක E-book ගත්තට මේවා හදන්නෙ කොහොමද කියලා දන්නෙ නෑ නේද?ඔන්න අද ඒ ගැන තමයි ලිපිය.මාත් එක්ක පියවරෙන් පියවර මේ වැඩේ ඉගෙනගන්න.සරලයි පහසුයි.
මේ සඳහා මෘදුකාංග වීහාල ප්‍රමාණයක් තියනවා.ඒ වුනාට මම මේ කියන්න හදන software එක ඒ වැඩේට ගොඩක් හොඳයි.මේක සම්පූර්ණයෙන් නොමිලේ දෙන software එකක්.මෙන්න මේ link එකෙන් Martview Digital Reading මෘදුකාංග බා ගන්න.තවත් දෙයක් තියනවා මාර්ට්වීව් වැඩ කරන්න Java තියෙන්න ඕන.Java ගන්න මෙතනින්.http://www.java.com/en/download/index.jsp
මුලින්ම මෙම මෘදුකාංගයට පිවිසුනු විට ඔයාපට මෙන්න මේ වගේ window එකක් දකින්න පුලුවන් වෙයි.මෙම window ව තුල තමයි අපි සාදාගත් පිටු පිලිවෙලින් දක්නට පුලුවන් වෙන්නේ.
මෙම මෘදුකාංග තුල ඕනෑම file type එකක රූප E-book එකක් ලෙස සකස් කර ගන්න පුලුවන්.එසේම PDF ආකාරයෙන් තියෙන්නා වූ ගොනුවක් වුවත් Martview හරහා E-book එකක් ලෙස සකසා ගන්න පුලුවන්.මෙවන් ආකාර වලින් E-book එකක් නිරිමාණය කරන ආකාරය මෙසේය.
ඒ සඳහා ඔබ මෙම මෘදුකාංගයේ ඉහල ඇති create e-book යන්න ක්ලික් කරන්න.එවිට ඔබට කල යුත්තේ කුමක්ද යන්න මෘදුකාංගය විමසයි.එනම් ආකාර 3 කි.පලවෙනි එක PDF file එකක් .mart එකක් කිරීම,දෙවනි එක image file එකක් .mart එකක් කිරීම හා තුක්වැනි එක තමයි Zip කරපු file එකක් .mart එකක් කීරීම.
මෙම පියවරේදී ඔබට අවශ්‍ය දේ තොරගන්න ඕන.මෙම කුමක් තේරුවත Open කරගත යුතු දේ හො කිහිපයක් Select එක open කරන්න.එවිට එය .mart එකක් එනම් E-book එකක් වීම ආරම්භ වේවී.එයට තරමක වෙලාවක් යාවී.කාලය ඔබ තෝරාගත් file එක අනුව වෙනස් වෙනවා.මේ අයුරින් file එකක් .mart ආකාරයට සෑදුනු පසු මේ ආකාරයට පත්වේ.
මේ ආකාරයට E- book එකක් සරලව සාදා ගත හැකි අතර මෙහි තවත් විවධ option හරහා මෙය තවත් ලස්සනට සැකසිය හැකිය.එනම් පිටු පෙරලෙන ආකාරය වෙනස් කිරීම, view එක වෙනස් කිරීම ආදියයි.මෙම මෘදුකාංගයේ ඉහල ඇති option bar එක තුලිනි මෙම විවිධ වෙනස් කම් සිදුකරන්න පුලුවන්.එසෙම ඔබ සාදාගත් E- book එක ප්‍රසිද්ධ කිරීමට මෙහි ඉහල ඇති upload ක්ලික් කර ආදාල විස්තර සම්පූර්ණ කරන්න.
ඔන්න අද ලිපිය ඉවරයි.කොහොමද වැඩේ.හොඳ නම් comment එකකුත් දාලා යන්න.ගැටටු තියනවා නම් comment කරලා අහන්න
Posted on 8:03 PM by Pasindu
Monday, January 23, 2012

මේ Software එකේ නම තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝරර් (Offline Explorer).සමහරුනම් නම ඇහුව ගමන් දන්නවා ඇති.ඒ වුනාට හැමොම දන්නෙ නෑ.මේකෙන් ඔයාලට කරන්න පුලුවන් දේ සරලවම කිව්වොත් ඔයාලට මේ මෘදුකාංගය භාවිතා කරලා වෙබ් සයිට් එකක් සම්පූර්ණයෙන්ම තමාගෙ පරිගණකයට බාගන්න හැකියාව තියනවා.Offline Explorer හරහා විශාල වෙබ් අඩවියක් උනත් සියලු Hyperlink එක්කම ඉතා ඉක්මනින් බා ගැනීමේ හැකියාව තියනවා.එසේම එම කටයුත්ත සඳහා පමණක් සීමා වූ මෘදුකාංගයක් ලෙස මෙය හඳුන්වන්න බෑ.Download කරගත් වෙබ් අඩවියක් මෘදුකාංගය තුල තිබෙන බ්‍රවුසර් එක හරහා තමාට රිසි පරිදි එම වෙබ් අඩවිය සංස්කරනය කරගැනීමට අවශ්‍ය පහසුකම් තියනවා.එසේම මෙම මෘදුකාංය හරහා Download කරගන්නා වෙබ අඩවි CD / DVD තැටි වලට ගබඩා කරගැනීම පවා මෙම මෘදුකාංගය හරහා ඔබට සිදු කරගන්න පුලුවන්.
අන්තර්ජාල පහසුකම් නැති Internet Cafe හරහා නිතරම අන්තර්ජාලයට පිවිසෙන්න්ට මෙම මෘදුකාංය ඉතා වැදගත් වේවී. නිදසුන් ලෙස තමාගේ අධ්‍යාපන කටයුතු සඳහා එකම වෙබ් අඩවියකට Interne Cafe එකක් හරහා පිවිසෙන අයෙකුට මෙම මදුකාංගය භාවිතයෙන් එම වෙබ් අඩවිය DVD එකකට ගෙන Internet නැති ගෙදර Computer එකෙන් රිසි පරිදි තමාට අවශ්‍ය කටයුතු සිදු කරගන්න පුලුවන්.ඔන්න එහෙනම් ඕන කට්ටිය Download කරගන්න.ඕන නැති වුනත් අත්හදා බලන්න හරි කැමති අය ඇතිනේ.Crack එකකත් එක්කම තියනවා.මොනවහරි ගැටලු තියනවනම් Comment එකක් දාලා කියන්න.
Posted on 12:16 PM by Pasindu
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
ඔන්න අද දවසේ දෙවනි post එකත් දාන්න හිතුවා.දැන් කියන්න හදන්නේ අපිට නොමිලේම SMS යවන්න පුලුවන් වැඩක් ගැන තමයි.හැබැයි මේකෙන් පොඩි fun...
-
අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කිසිම Software එකක් නැතුව පහසුවෙන් අපේ IP එක Hide කරගන්න පුලුවන් විදියක් ගැන.මේ ක්‍රමය ඉතාමත් පහසුය...
-
ඔන්න ගෙනාවා IDM 6.08 Final එක.ඇතිවෙනකම් බාන්න.IDM කිව්වම අද නම් නොදන්න කෙනෙක් නැති තරම්.හැමෝම වගේ Download කරන්න දැන් පාවිච්චි කරන්න...
-
හා හා පුරා කියලා මමත් පටන්ගත්තා ඔන්න බ්ලොග් එකක් ලියන්න.කාලයක් තිස්සේ මේකට බලන් හිටියත් වෙලාවක් තිබ්බෙ නෑ.මට විභාහගෙත් තිබුනේ ඔන්න ගිය...
Blogger templates
Categories
- Computer Tips
- Downloads
- Mobile Tips
- Softwares
Copywrite@Pasindu. Powered by Blogger.
Labels
- Computer Tips (4)
- Downloads (4)
- Facebook (1)
- Mobile Tips (1)
- Softwares (3)
Weather
Tag
- Computer Tips (4)
- Downloads (4)
- Softwares (3)
- Facebook (1)
- Mobile Tips (1)
Search This Blog
Popular Posts
-
ඔන්න අද දවසේ දෙවනි post එකත් දාන්න හිතුවා.දැන් කියන්න හදන්නේ අපිට නොමිලේම SMS යවන්න පුලුවන් වැඩක් ගැන තමයි.හැබැයි මේකෙන් පොඩි fun...
-
අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කිසිම Software එකක් නැතුව පහසුවෙන් අපේ IP එක Hide කරගන්න පුලුවන් විදියක් ගැන.මේ ක්‍රමය ඉතාමත් පහසුය...
-
ඔන්න ගෙනාවා IDM 6.08 Final එක.ඇතිවෙනකම් බාන්න.IDM කිව්වම අද නම් නොදන්න කෙනෙක් නැති තරම්.හැමෝම වගේ Download කරන්න දැන් පාවිච්චි කරන්න...
-
හා හා පුරා කියලා මමත් පටන්ගත්තා ඔන්න බ්ලොග් එකක් ලියන්න.කාලයක් තිස්සේ මේකට බලන් හිටියත් වෙලාවක් තිබ්බෙ නෑ.මට විභාහගෙත් තිබුනේ ඔන්න ගිය...