Thursday, January 26, 2012

          කොහොමද යාලුවනේ.ඉතින් මම ආවා පොඩි Blog Post එකක් දාලා යන්න.මෙන්න මේකයි වැඩේ .මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Facebook එකේ පොඩි පොඩි Tips ට්කක් ගැන.සමහරුනම් මේවා දන්නවත් ඇති.නොදන්න අය වෙනුවෙන් තමයි මේ.එහෙනම් වැඩේ පටන් ගමු.

1.රූප සහිත Comments දැමීම.
             මේ මඟින් වෙන්නේ ඔයාලට Facebook එකේ රූප සහිත Comment දමන්න පුලුවන්.ඒ වගේ රූප Chat කිරීමෙදි වුනත් භාවිත කරන්න පුලුවන්.ඔයාලා මම පහතින් දීලා තියන විදියට Comment දමන්න.අදාල රූපය Comment Box එකේ පෙනේවී.


Alt + 1 ☺

Alt + 2 ☻

Alt + 3 ♥

Alt + 4 ♦

Alt + 5 ♣

Alt + 6 ♠

Alt + 7 •

Alt + 8 ◘

Alt + 9 ○

Alt + 10 ◙

මෙතන තියෙන්නේ ටිකයි.මේ විදියට ඔයාලට Alt කී එක ඔබාගෙන විවධ Numbers ඔබලා විවිධ රූප Comment වලට දාන්න පුලුවන්.

2.Facebook හිස් Comment දැමීම.
          ඔයාලා දන්නවාද?Facebook එකේ හිස් Comment එකක් දැමීම Normal කරන්න බැරි දෙයක්.ඒත් ඒකට පොඩි ජිමික් එකක් මම කියලා දෙන්නම් .ඔයාලා Comment Box එකේ හරි Chat Box එකේ හරි මෙන්න මෙහෙම Type කරලා Enter කරන්න. Alt + 0173 .වැඩේ හරි දැන් ඔයාලට හිස් කමෙන්ටුවක් දාගන්න පුලුවන්.


3.Facebook නිල් පාටින් Comment දැමීම.
           ඔයාලා දන්නවද Facebook නිල් පාටින් comment දාන්න.මෙන්න මෙහෙමයි කරන්නේ.පලමුව මෙන්න මේ Code එක Comment Box එකට Paste කරගන්න.

@@+[0:[0:1:Your Comment]]
මෙතනYour Comment වෙනුවට ඔබට කැමති දෙයක් යොදා + ලකුන අයින් කරලා Comment කරන්න.



Posted on 1:44 PM by Pasindu

No comments

Tuesday, January 24, 2012

          අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කිසිම Software එකක් නැතුව පහසුවෙන් අපේ IP එක Hide කරගන්න පුලුවන් විදියක් ගැන.මේ ක්‍රමය ඉතාමත් පහසුයි.ඒ වගේම Software වලින් IP මාරු කලාම Internet Slow වෙනවා කියලා හැමොම කියනවා.හැබැයි මම කියලා දෙන්න යන ක්‍රමයෙන් නම් Internet කිසිම විදියක්න් Slow වෙන්නෙ නෑ.හරි එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ.
          මේ වැඩේ කරන විදිය Browser එකෙන් Browser එකට පොඩ්ඩක් වෙනස් වෙයි.මම මේක Firefox වලින් කරන විදිය ඉස්සරවෙලා කියන්නම්.ඔයාලා මම මේ කියන පහත පියවර ටික අනුගමනය කරන්න.

පියවර 1 -මෙන්න මේ සයිට් එකට යන්න - http://www.proxy-list.org 
 එතකොට මෙන්න මේ වගේ පෙනේවී.

පියවර 2 - ඊට පස්සේ මේ සයිට් එකේ තියන Filter Proxy කියන තැනට ක්ලික් කරන්න.ඔයාලට අවශ්‍ය නම් ඔයාලට IP එක Hide කරන්න ඕන රට උඩින් තොරලා දෙන්න.එතන ක්ලික් කරාට පස්සේ යටින් තියනවා Confirmation Code එකක්.ඒක පුරවලා Enter කරන්න.

පියවර 3 - එතකොට ඔයාලට මෙන්න මේ වගේ Proxy List එකක් පහලින් පෙනේවී.

මෙතන ඔයාලට පේනවා ඇති මෙහි Proxy List එක හා ඒ ඒ එකට අදාල රටවල්ද තවත් විස්තරත් ඇතුලත් වෙන බව.

පියවර 4 - දැන් ඔයාලා ෆයර් පොක්ස් වල නම් Firefox Options වලට යන්න.Option ගොස් එහි Advanced යටතේ ඇති Network Tab එක තොර ගන්න.එහි Setting වලට Click කරන්න.එවිට පහත පරිදි පෙනේවී.



ඉන්පසු එහි Manual Proxy Config යන Point එක ක්ල්ක් කරන්න.Use This Proxy Server For All Protocols කියන තැන ටික් එකත් දාන්න.
පියවර 4 - දැන් ඔයාලා අර වෙබ් සයිට් එකේ ගතපු Proxy list එකෙන් කැමති proxy එකක් තොරා ගෙන එහි මුලින් තියන IP එක ඉහත රූපයේ HTTP proxy කියන තැනින් Paste කරන්න.එම Proxy එකේ අග තියන Port 
Number එක ඉහත රූපයේ Port නම් ස්ථානයේ Paste කරන්න.

උදාහරණ - 77.241.199.192:8080
                  ඔබ තොරා ගත් මෙවන් Proxy එකක මුල් කොටස (77.241.199.192) HTTP proxy කියන තැනින් Paste කරන්න.ඔබ තොරා ගත් මෙවන් Proxy එකක අග කොටස(8080) Port නම් ස්ථානයේ Paste කරන්න.

දැන් OK කරන්න.දැන් ඔබගේ IP ලිපිනය Hide වී ඇත.ඒ බව තහවරු කරගැනීමට මෙතනට යන්න.http://whatismyipaddress.com/

ඔබ Google Chrome ද? - එසේ නම් Chrome හි Option ගොස් එහි Under The Hood යන Tab එක Select කර එහි Change Proxy ක්ලික් කරන්න.පසුව එවිට මතුවන Window එකේ යටම ඇති Lan Setting වෙත පිවසෙන්න.

  පසුව හෙමි පහල ඇති ටික් එක දමා පෙර පැවසූ පරිදි අදාලා Proxy ලබාදෙන්න.දැන් OK කරන්න.ඔබගේ IP එක වෙනස් වී ඇද්දැයි පරික්ෂා කරන්න.http://whatismyipaddress.com/

වැඩේ හොඳ නම් Comment එකකුත් දාලා යන්න.




blog comments powered by Disqus

Posted on 7:17 PM by Pasindu

No comments

Monday, January 23, 2012

     හා හා පුරා කියලා මමත් පටන්ගත්තා ඔන්න බ්ලොග් එකක් ලියන්න.කාලයක් තිස්සේ මේකට බලන් හිටියත් වෙලාවක් තිබ්බෙ නෑ.මට විභාහගෙත් තිබුනේ ඔන්න ගිය මාසේ.(O/L)විභාහගෙත් ඉවරවෙලාම Blog එකක් ලියනවා කියලා හිතේ තිබුනා.ඔන්න ඒක පටන් ගත්තෙ අද තමයි.ඔන්න මම ඉතින් ඔයාලට මගේ පළමු Post එකෙන් කියන්න හදන්නෙ පොඩි Software එකක් ගැන.පොඩි උනත් මේක සමහර අයට ගොඩක් වටින්න පුල්වන්.මම එහෙනම් වැඩේ පටන් ගන්නම්.

          මේ Software එකේ නම තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝරර් (Offline Explorer).සමහරුනම් නම ඇහුව ගමන් දන්නවා ඇති.ඒ වුනාට හැමොම දන්නෙ නෑ.මේකෙන් ඔයාලට කරන්න පුලුවන් දේ සරලවම කිව්වොත් ඔයාලට මේ මෘදුකාංගය භාවිතා කරලා වෙබ් සයිට් එකක් සම්පූර්ණයෙන්ම තමාගෙ පරිගණකයට බාගන්න හැකියාව තියනවා.Offline Explorer හරහා විශාල වෙබ් අඩවියක් උනත් සියලු Hyperlink එක්කම ඉතා ඉක්මනින් බා ගැනීමේ හැකියාව තියනවා.එසේම එම කටයුත්ත සඳහා පමණක් සීමා වූ මෘදුකාංගයක් ලෙස මෙය හඳුන්වන්න බෑ.Download කරගත් වෙබ් අඩවියක් මෘදුකාංගය තුල තිබෙන බ්‍රවුසර් එක හරහා තමාට රිසි පරිදි එම වෙබ් අඩවිය සංස්කරනය කරගැනීමට අවශ්‍ය පහසුකම් තියනවා.එසේම මෙම මෘදුකාංය හරහා Download කරගන්නා වෙබ අඩවි CD / DVD තැටි වලට ගබඩා කරගැනීම පවා මෙම මෘදුකාංගය හරහා ඔබට සිදු කරගන්න පුලුවන්.

          අන්තර්ජාල පහසුකම් නැති Internet Cafe හරහා නිතරම අන්තර්ජාලයට පිවිසෙන්න්ට මෙම මෘදුකාංය ඉතා වැදගත් වේවී. නිදසුන් ලෙස තමාගේ අධ්‍යාපන කටයුතු සඳහා එකම වෙබ් අඩවියකට Interne Cafe එකක් හරහා පිවිසෙන අයෙකුට මෙම මදුකාංගය භාවිතයෙන් එම වෙබ් අඩවිය DVD එකකට ගෙන Internet නැති ගෙදර Computer එකෙන් රිසි පරිදි තමාට අවශ්‍ය කටයුතු සිදු කරගන්න පුලුවන්.ඔන්න එහෙනම් ඕන කට්ටිය Download කරගන්න.ඕන නැති වුනත් අත්හදා බලන්න හරි කැමති අය ඇතිනේ.Crack එකකත් එක්කම තියනවා.මොනවහරි ගැටලු තියනවනම් Comment එකක් දාලා කියන්න.


Posted on 12:16 PM by Pasindu

No comments