සියලු දෙනාටම ආයුබෝවන්.ඔන්න මම අදත් post එකක් දාන්න හිතුවා.ඔන්නා ගොඩක් අය දන්නෙ නැති දෙයක් ගැන තමයි අද මේ post එකෙන් මම කියන්නේ.ඒ තමයි පිටු පෙරලෙන E -book එකක් හදා ගන්න හැටි.ගොඩක් අය internet එකෙන් එක එක E-book ගත්තට මේවා හදන්නෙ කොහොමද කියලා දන්නෙ නෑ නේද?ඔන්න අද ඒ ගැන තමයි ලිපිය.මාත් එක්ක පියවරෙන් පියවර මේ වැඩේ ඉගෙනගන්න.සරලයි පහසුයි.
          මේ සඳහා මෘදුකාංග වීහාල ප්‍රමාණයක් තියනවා.ඒ වුනාට මම මේ කියන්න හදන software එක ඒ වැඩේට ගොඩක් හොඳයි.මේක සම්පූර්ණයෙන් නොමිලේ දෙන software එකක්.මෙන්න  මේ link එකෙන් Martview Digital Reading මෘදුකාංග බා ගන්න.තවත් දෙයක් තියනවා මාර්ට්වීව් වැඩ කරන්න Java තියෙන්න ඕන.Java ගන්න මෙතනින්.http://www.java.com/en/download/index.jsp


          මුලින්ම මෙම මෘදුකාංගයට පිවිසුනු විට ඔයාපට මෙන්න මේ වගේ window එකක් දකින්න පුලුවන් වෙයි.මෙම window ව තුල තමයි අපි සාදාගත් පිටු පිලිවෙලින් දක්නට පුලුවන් වෙන්නේ.
මෙම මෘදුකාංග තුල ඕනෑම file type එකක රූප E-book එකක් ලෙස සකස් කර ගන්න පුලුවන්.එසේම PDF ආකාරයෙන් තියෙන්නා වූ ගොනුවක් වුවත් Martview හරහා E-book එකක් ලෙස සකසා ගන්න පුලුවන්.මෙවන් ආකාර වලින්  E-book එකක් නිරිමාණය කරන ආකාරය මෙසේය.
          ඒ සඳහා ඔබ මෙම මෘදුකාංගයේ ඉහල ඇති create e-book යන්න ක්ලික් කරන්න.එවිට ඔබට කල යුත්තේ කුමක්ද යන්න මෘදුකාංගය විමසයි.එනම් ආකාර 3 කි.පලවෙනි එක PDF file එකක් .mart එකක් කිරීම,දෙවනි එක image file එකක් .mart එකක් කිරීම හා තුක්වැනි එක තමයි Zip කරපු file එකක් .mart එකක් කීරීම.
මෙම පියවරේදී ඔබට අවශ්‍ය දේ තොරගන්න ඕන.මෙම කුමක් තේරුවත Open කරගත යුතු දේ හො කිහිපයක් Select එක open කරන්න.එවිට එය .mart එකක් එනම් E-book එකක් වීම ආරම්භ වේවී.එයට තරමක වෙලාවක් යාවී.කාලය ඔබ තෝරාගත් file එක අනුව වෙනස් වෙනවා.මේ අයුරින් file එකක් .mart ආකාරයට සෑදුනු පසු මේ ආකාරයට පත්වේ.

           මේ ආකාරයට E- book එකක් සරලව සාදා ගත හැකි අතර මෙහි තවත් විවධ option හරහා මෙය තවත් ලස්සනට සැකසිය හැකිය.එනම් පිටු පෙරලෙන ආකාරය වෙනස් කිරීම, view එක වෙනස් කිරීම ආදියයි.මෙම මෘදුකාංගයේ ඉහල ඇති option bar එක තුලිනි මෙම විවිධ වෙනස් කම් සිදුකරන්න පුලුවන්.එසෙම ඔබ සාදාගත් E- book එක ප්‍රසිද්ධ කිරීමට මෙහි ඉහල ඇති upload ක්ලික් කර ආදාල විස්තර සම්පූර්ණ කරන්න.

ඔන්න අද ලිපිය ඉවරයි.කොහොමද වැඩේ.හොඳ නම් comment එකකුත් දාලා යන්න.ගැටටු තියනවා නම් comment කරලා අහන්න