අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කිසිම Software එකක් නැතුව පහසුවෙන් අපේ IP එක Hide කරගන්න පුලුවන් විදියක් ගැන.මේ ක්‍රමය ඉතාමත් පහසුයි.ඒ වගේම Software වලින් IP මාරු කලාම Internet Slow වෙනවා කියලා හැමොම කියනවා.හැබැයි මම කියලා දෙන්න යන ක්‍රමයෙන් නම් Internet කිසිම විදියක්න් Slow වෙන්නෙ නෑ.හරි එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ.
          මේ වැඩේ කරන විදිය Browser එකෙන් Browser එකට පොඩ්ඩක් වෙනස් වෙයි.මම මේක Firefox වලින් කරන විදිය ඉස්සරවෙලා කියන්නම්.ඔයාලා මම මේ කියන පහත පියවර ටික අනුගමනය කරන්න.

පියවර 1 -මෙන්න මේ සයිට් එකට යන්න - http://www.proxy-list.org 
 එතකොට මෙන්න මේ වගේ පෙනේවී.

පියවර 2 - ඊට පස්සේ මේ සයිට් එකේ තියන Filter Proxy කියන තැනට ක්ලික් කරන්න.ඔයාලට අවශ්‍ය නම් ඔයාලට IP එක Hide කරන්න ඕන රට උඩින් තොරලා දෙන්න.එතන ක්ලික් කරාට පස්සේ යටින් තියනවා Confirmation Code එකක්.ඒක පුරවලා Enter කරන්න.

පියවර 3 - එතකොට ඔයාලට මෙන්න මේ වගේ Proxy List එකක් පහලින් පෙනේවී.

මෙතන ඔයාලට පේනවා ඇති මෙහි Proxy List එක හා ඒ ඒ එකට අදාල රටවල්ද තවත් විස්තරත් ඇතුලත් වෙන බව.

පියවර 4 - දැන් ඔයාලා ෆයර් පොක්ස් වල නම් Firefox Options වලට යන්න.Option ගොස් එහි Advanced යටතේ ඇති Network Tab එක තොර ගන්න.එහි Setting වලට Click කරන්න.එවිට පහත පරිදි පෙනේවී.



ඉන්පසු එහි Manual Proxy Config යන Point එක ක්ල්ක් කරන්න.Use This Proxy Server For All Protocols කියන තැන ටික් එකත් දාන්න.
පියවර 4 - දැන් ඔයාලා අර වෙබ් සයිට් එකේ ගතපු Proxy list එකෙන් කැමති proxy එකක් තොරා ගෙන එහි මුලින් තියන IP එක ඉහත රූපයේ HTTP proxy කියන තැනින් Paste කරන්න.එම Proxy එකේ අග තියන Port 
Number එක ඉහත රූපයේ Port නම් ස්ථානයේ Paste කරන්න.

උදාහරණ - 77.241.199.192:8080
                  ඔබ තොරා ගත් මෙවන් Proxy එකක මුල් කොටස (77.241.199.192) HTTP proxy කියන තැනින් Paste කරන්න.ඔබ තොරා ගත් මෙවන් Proxy එකක අග කොටස(8080) Port නම් ස්ථානයේ Paste කරන්න.

දැන් OK කරන්න.දැන් ඔබගේ IP ලිපිනය Hide වී ඇත.ඒ බව තහවරු කරගැනීමට මෙතනට යන්න.http://whatismyipaddress.com/

ඔබ Google Chrome ද? - එසේ නම් Chrome හි Option ගොස් එහි Under The Hood යන Tab එක Select කර එහි Change Proxy ක්ලික් කරන්න.පසුව එවිට මතුවන Window එකේ යටම ඇති Lan Setting වෙත පිවසෙන්න.

  පසුව හෙමි පහල ඇති ටික් එක දමා පෙර පැවසූ පරිදි අදාලා Proxy ලබාදෙන්න.දැන් OK කරන්න.ඔබගේ IP එක වෙනස් වී ඇද්දැයි පරික්ෂා කරන්න.http://whatismyipaddress.com/

වැඩේ හොඳ නම් Comment එකකුත් දාලා යන්න.




blog comments powered by Disqus