ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ වැඩිය කට්ටිය එච්චර දන්නෙ නැති ගූගල් වල Tips කිහිපයක් තමයි.ගූගල් කිව්වහම ඉතින් නොදන්න කවුරුත් නැහැනෙ.හදිස්සියෙන් වත් එහෙම කවුරුවත් ඉන්නවනම් ගූගල් ගෙන කෙටි හැදින්වීමක් මම කරන්නම්, Google කියන්නේ Search Engine එකක්.ඒකෙන් අපිට අවශ්‍ය දේ type කරලා search කරාම බොහෝ විට අපිට අවශ්‍ය තොරතුරු හොයගෙන්න පුලුවන්.මෙතන ක්ලික් කරලා ගූගල් වලට යන්න පුලුවන්.

1.වචනයක අර්ථය ශ්නිකව දැන ගැනීම.
          ඔයාලට ගූගල් search engine එක හරහා ශ්නිකව ඉංග්‍රිසි වචනයක අර්ථය දැනගන්න පුලුවන්.ඒකට ඔයාපා කරන්න ඕන search box එකේ මුලින් define කියලා type කරලා ඊට පස්සේ අවශ්‍ය වචනය type කරලා enter කරන එක.   උදා -  define ict  මෙහෙම type කරලා enter කරන්න.

2.ගුගල් සින්හලෙන්.
          මේක නම්  සමහර අය දන්නවා ඇති.ගූගල් ඉංග්‍රීසියෙන් වගේම සින්හලෙනුත් පෙන්නනවා.ගූගප් සින්හල එක බලන්න ඕනනම් මෙතන ක්ලික් කරන්න.ඒ වගේම මේ page එකට ගියාම search box එකේ කොනේ තියන keyboard සලකුන ක්ලික් කරලා සින්හල type කරන්න දන්නෙ නැති අයට පහසුවෙන් සින්හලෙන් search කරන්න පුලුවන්. 

3.PDF ෆයිල්ස් පමණක් සෙවීම.
         ගූගල් වල තවත් දෙයක් තමයි PDF ෆයිප් ටයිප් එකේ files පමණක් සෙවිය හැකි වීමයි.මේ අයුරින් ඔබට Hacking ගැන PDF files අවශ්‍ය වනවානම් මෙසේ type කර Search කරන්න."hacking" filetype:pdf.මෙසේ ඔබට අවශ්‍ය PDF file සෙවීමට ඉහත මා type කර එකේ hacking යව තැනට තමාට අවශ්‍ය දේ ලබාදී search කරන්න.


4.Calculator එකක් ලෙස Google භාවිත කිරීම.
          ගූගල් ඔබට Calculator එකක් ලෙස ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.නිදසුන් ලෙස ඔබට 100+650 හි අගය දැනගැනීමට අවශ්‍ය නම් ගූගල්හි 100+650 ලෙස type කර search කරන්න.මේ අයුරින් ඔබට ඕනෑම ගණනය කිරීමක් google search box එකේ type කර enter කිරීමෙන් පිලිතුරු ලබා ගන්න පුලුවන්.



 5.අවශ්‍ය වචන දෙකක් පිලිබඳ තොරතුරු වෙන වෙනම පෙන්වීම.
          මෙහිදී උදාහරණයක් ලෙස ඔබට ගින්දර ගැන හෝ දුම් ගැන තොරතුරු අවශ්‍ය යැයි සිතන්න.එහිදී ඔබ search engine එකේ වෙන වෙනම ඒවා සොයා ගන්න ඕන වෙන්නෙ නෑ.search box එකේ මෙහෙම type කරන්න.Fire OR Smoke .OR කියන එක capital ගහන්න.එතකොට වචන දෙකට අදාල තොරතුරු වෙන වෙනම පෙන්නනවා.


ඔන්න Google Tips 5 ක් තියනවා.අදට ලිපිය ඉවරයි.යන ගමන් comment එකකුත් දාගෙනම යන්න.