හා හා පුරා කියලා මමත් පටන්ගත්තා ඔන්න බ්ලොග් එකක් ලියන්න.කාලයක් තිස්සේ මේකට බලන් හිටියත් වෙලාවක් තිබ්බෙ නෑ.මට විභාහගෙත් තිබුනේ ඔන්න ගිය මාසේ.(O/L)විභාහගෙත් ඉවරවෙලාම Blog එකක් ලියනවා කියලා හිතේ තිබුනා.ඔන්න ඒක පටන් ගත්තෙ අද තමයි.ඔන්න මම ඉතින් ඔයාලට මගේ පළමු Post එකෙන් කියන්න හදන්නෙ පොඩි Software එකක් ගැන.පොඩි උනත් මේක සමහර අයට ගොඩක් වටින්න පුල්වන්.මම එහෙනම් වැඩේ පටන් ගන්නම්.

          මේ Software එකේ නම තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝරර් (Offline Explorer).සමහරුනම් නම ඇහුව ගමන් දන්නවා ඇති.ඒ වුනාට හැමොම දන්නෙ නෑ.මේකෙන් ඔයාලට කරන්න පුලුවන් දේ සරලවම කිව්වොත් ඔයාලට මේ මෘදුකාංගය භාවිතා කරලා වෙබ් සයිට් එකක් සම්පූර්ණයෙන්ම තමාගෙ පරිගණකයට බාගන්න හැකියාව තියනවා.Offline Explorer හරහා විශාල වෙබ් අඩවියක් උනත් සියලු Hyperlink එක්කම ඉතා ඉක්මනින් බා ගැනීමේ හැකියාව තියනවා.එසේම එම කටයුත්ත සඳහා පමණක් සීමා වූ මෘදුකාංගයක් ලෙස මෙය හඳුන්වන්න බෑ.Download කරගත් වෙබ් අඩවියක් මෘදුකාංගය තුල තිබෙන බ්‍රවුසර් එක හරහා තමාට රිසි පරිදි එම වෙබ් අඩවිය සංස්කරනය කරගැනීමට අවශ්‍ය පහසුකම් තියනවා.එසේම මෙම මෘදුකාංය හරහා Download කරගන්නා වෙබ අඩවි CD / DVD තැටි වලට ගබඩා කරගැනීම පවා මෙම මෘදුකාංගය හරහා ඔබට සිදු කරගන්න පුලුවන්.

          අන්තර්ජාල පහසුකම් නැති Internet Cafe හරහා නිතරම අන්තර්ජාලයට පිවිසෙන්න්ට මෙම මෘදුකාංය ඉතා වැදගත් වේවී. නිදසුන් ලෙස තමාගේ අධ්‍යාපන කටයුතු සඳහා එකම වෙබ් අඩවියකට Interne Cafe එකක් හරහා පිවිසෙන අයෙකුට මෙම මදුකාංගය භාවිතයෙන් එම වෙබ් අඩවිය DVD එකකට ගෙන Internet නැති ගෙදර Computer එකෙන් රිසි පරිදි තමාට අවශ්‍ය කටයුතු සිදු කරගන්න පුලුවන්.ඔන්න එහෙනම් ඕන කට්ටිය Download කරගන්න.ඕන නැති වුනත් අත්හදා බලන්න හරි කැමති අය ඇතිනේ.Crack එකකත් එක්කම තියනවා.මොනවහරි ගැටලු තියනවනම් Comment එකක් දාලා කියන්න.